ආපදාවට පත් නෞකාවේ කාර්යමණ්ඩලයේ 23 දෙනා අතරින් 22කු බේරා ගැනීමට සමත්වූ බව නාවික හමුදාව නිවේදනය කරයි.
එම සේවකයන් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා ඇති අතර, අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවතී.
එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇතැයි නාවික හමුදාව නිවේදනය කරයි.