ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල ඉස්සන් පොකුණක් ඉදිකිරීම සදහා භූමිය සකස් කළ බව කියන පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ හලාවත ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ නියෝගයකට අනුවයි.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් ගොවිපළ සකස් කිරීම සදහා අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයා සහ එම භූමිය සකස් කළ බැකෝ යන්ත්රකරුවයි.