ආනවිළුන්දාව රැම්සා තෙත් බිම බිමේ කොටසක් ඉස්සන් කොටු වගා කිරීම සඳහා ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක විසින් අද (9) පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කරන බව සඳහන් කර සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අද(09) පාර්ලිමේන්තුවේ අසන ලද ප්‍රශ්නයකය පිළිතුරු දෙමින් අමාත්‍ය සී. බී රත්නායක පැවසුවේ, එම භූමිය ඩෝසර් කිරීම සම්බන්ධයෙන් 2020.08.26 දින විමර්ෂන කටයුතු ඇරඹූ බවයි.
අදාළ ප්‍රදේශයේ ඩෝසර කිරීම සඳහා යොදා ගත් බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවත් අදාළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේය.