ආනයනික කිරිපිටි ඉහළම අවදානම් ආහාර කාණ්ඩයට අයත් බවට තහවුරු වී තිබෙන බවත් මේ නිසා ජනතාව මෙම අනතුරින් වළක්වා ගැනීමට මේ මස 20 වන දින සිට ජනතාව දැනුවත් කිරීම ආරම්භ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ෆාම්තෙල් යොදාගෙන ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සඳහා බහුජාතික සමාගම කිරිපිටි නිෂ්පාදනය කරන බවට හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ආනයනික කිරිපිටි පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය පත්කළ විද්වත් කමිටු වාර්තාවට අනුව කිරිපිටි අධි අවදානම් ආහාර කාණ්ඩයට අයත් බවට තහවුරු වී තිබෙන බවත්, මේ නිසා කිරිපිටි උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව රෝහල් මට්ටමින් ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ මස 20 වන දින සිට අඛණ්ඩව සිදුකරන බවද අද (14දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.