ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් 27 දින රැගෙන ආ අරක්කු තොගය කඩු පොලු රැගෙන විත් පැමිණි මැරයන් පිරිසක් ආපසු හරවා යවා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
ආණමඩුව සතොස ආයතනයේ අරක්කු අලෙවි කිරීම සඳහා ජූලි 5 සිට සැප්තැම්බර් 30 දක්වා බලපත්ර ලැබී ඇති බව කියයි.
එසේ තිබියදි එම අරක්කු පළමු තොගය සතොසට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් විසින් 27 දින රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි මැරයන් පිරිස ලොරිය ආපසු හරවා යන ලෙසට තර්ජනය කර ඇති බව කියයි.