මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබාදීම වෙනුවෙන් රුපියල් 400ක් අයකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මන්ත්‍රිවරුන්ට හා මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොමිලයේ ලබාදිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මීට ඉහතදී මන්ත්‍රිවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොමිලයේ ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.