අස්වැසුම රු.බි. 12.1ක් අද බැංකුවට
2026 නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ ලබන පවුල් 10,17,130ක් සඳහා රුපියල් 12,142,055,250ක මුදලක් අද (27) අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කර තිබෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
මෙවර ප්රතිලාභ ලබන අන්ත දුප්පත් කාණ්ඩයට අයත් පවුල් සංඛ්‍යාව 381,369ක් වන අතර දුප්පත් කාණ්ඩයට අයත් පවුල් සංඛ්‍යාව 635,761කි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා රජය විසින් අතිරේක හදිසි සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අන්ත දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට හිමි මාසික අස්වැසුම දීමනාව වන රුපියල් 17,500ට අමතරව රුපියල් 3,000ක දීමනාවක් ද, දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට හිමි රුපියල් 10,000ක මාසික දීමනාවට අමතරව රුපියල් 2,000ක දීමනාවක් ද මෙම මාසයේදී ලබාදීමට කටයුතු කර ඇත.
ඒ සඳහා රුපියල් 2,415,629,000ක මුදලක් වෙන් කර තිබේ.
2026 සැප්තැම්බර් 08 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව ක්‍රියාත්මක මෙම හදිසි සහනාධාරය 2026 නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙක සඳහා පමණක් ලබාදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
