රෙඩ් ෆාම්ස් ගෙඩි සහිත අතු වලින් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ විහිළුවක් හේතුවෙන් පන්නිපිටිය පාසලක සිසු සිසුවියන් දහසය දෙනෙකු රෝගී වී අද (16) දහවල් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි
මේ අතර සිසුන් දහදෙනකු හා සිසුවියන් හය දෙනෙකු ද වන බව පොලිසිය කියයි
අද දහවල් දොළහට පමණ එම විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් පහල මාලයේ සිට ඉහළ මාලයට ගමන් කරන අතරතුරදී තවත් සිසුන් පිරිසක් පියගැට පෙළෙහි රැඳී සිටිමින් රෙඩ් ෆාම්ස් ගසක ගෙඩි සහිත අතු වලින් ඉහල මාලයට ගමන් කරමින් සිටින සිසු සිසුවියන්ගේ සිරුරේ ගෑ වීමට සලස්වා විහිලු කර ඇතැයි පැවසේ
පසුව එම අතු සිරුරේ ගැන්වුණු සිසුසිසුවියන්ගේ සිරුරේ අසාත්මිකතාවයක් ඇති වී කැසීමට ලක්ව සිරුරෙන් ලප කැළැල් මතුවීම නිසා ආචාර්ය මණ්ඩලය මැදිහත්වී සිසු සිසුවියන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි .
මේ අතර ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් වූ සිසුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.