ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් ලංකාවේ වාර්තාවුවත් තවමත් ඉන්දියාව වැනි ව්‍යවසනකාරී තත්ත්වයකට පත්වීමට තරම් බරපතල තත්ත්වයක් ලංකාවේ උද්ගතව නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකාවට අවශ්‍ය තරම් ඔක්සිජන් පවතින බවත් අවශ්‍යවුවහොත් අමතර ඔක්සිජන් ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසී්‍ය.
“අපිට අවශ්‍ය තරම් ඔක්සිජන් ලංකාවේ තියෙනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් අමතර ඔක්සිජන් ලබා ගැනීම සඳහාත් ඒ වගේම ඔක්සිජන් ලබාගැනීමේ දී කාර්මික වශයෙන් නිෂ්පාදිත ඔක්සිජන් සහ ඒ වගේම ඔක්සිජන් සාන්ද්‍රණය කිරීමක් හරහා සාමාන්‍ය වායුගෝලයෙන් ඔක්සිජන් ලබාගැනීමේ ක්රමවේදයත් භාවිත කරමින් අවශ්‍ය කරන ප්‍රමාණයට මේ දක්වා අපිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාවටත් ඊට වඩා ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුවත් ඒ අයට අවශ්‍ය ඔක්සිජන් ලබාදීම සඳහා අවශ්‍ය සියලු වැඩසටහන් සම්පාදනය කරලා තියෙන්නේ. අවශ්‍ය කරන ඔක්සිජන් අපිට හිඟයක් මේ මොහොතේ කොහෙත්ම නෑ."