අවුරුදු 60ක් තිස්සේ ක්‍රියාත්මක වූ බදාදා මහජන දිනය මින් ඉදිරියට සඳුදා දිනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
1960 වසරේ සිට අඛණ්ඩව මහජනතාවට අමාත්‍යාංශ හරහා තම සේවා ඉටුකර ගැනීමේදී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට මහජන දිනය ලෙස බදාදා වෙන්කර තිබුණි.
කෙසේ වෙතත් බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක්ද වෙන හෙයින් එම දිනයේදී මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු පැමිණීමේ අඩුවක්ද නිර්මාණය වී තිබුණි.
මෙයට විසඳුමක් ලෙස සතියේ පාර්ලිමේන්තු නොපැවැත්වෙන දිනයක් වන සඳුදා දිනය මින් ඉදිරියට මහජන දිනය ලෙස වෙනස් කිරීමට තීරණය කර තිබේ.
මෙය ලබන සඳුදා (14දා) දිනයේ සිටම ක්‍රියාතමක බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. ඒ අනුව ලබන බදාදා (16දා) මහජන දිනයක් නොවනු ඇත.
ඇමති මණ්ඩල දිනයද බදාදා දිනයද පවත්වයි. මහජන දිනයේදී වෙනත් රැස්වීම් හෝ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම රජයේ නිලධාරීන්ට තහනම් වන අතර නිලධාරීන් කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කරමින් ඉදිරියේදී ජනපති ලේකම්වරයා චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද නියමිතය.