දැරියන් කෘරත්වයට පත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කරන බවට වාර්තා වුවහොත් ඇප අවලංගුකර රිමාන්ඩ් භාරයට පත් කිරීමට පියවරගන්නා බව ද පෙන්වා දී තිබේ.
සැකකාරිය විසින් කෘරත්වයට පත්කර ඇති බව කියන දැරියන් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කළ පරීක්ෂණයේ වෛද්‍ය වාර්තා මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියෝගකර ඇත.