ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී දියත් කිරීමට නියමිතව තිබේ.
මීට සමගාමීව ත්‍යාග රීති අඩංගු යෝජනා කෙටුම්පත, බැඳියාවන් අතර ඝට්ටනය අදාළ රීති අඩංගු කොට සාදන ලද යෝජනා කෙටුම්පත, රාජ්‍ය නිලධාරීන් සඳහා සුපිළිපන්න බවේ අත්පොත හා අල්ලස් වත්ක් බැරකම් කොමිෂන් සභා මැතිවරණ ප්‍රචාරන හා හඬ නඟන්නන්ට අදාළ නීති කෙටුම්පත් යේජනා යන ග්රන්ථ හතර සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම එළිදැක්වීමට නියමිතව තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යන ආයතනවල ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.