මාතර, දෙයියන්දර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියට සිසුවෙක් ඇතුලත් කරගැනිමට රුපියල් අටදහසක මුදලක් ලබාගනිද්දි අත්අඩංගුවට පත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට දෙයියන්දර මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකි්රර්ති මහත්මිය ඊයේ (12) රාති‍්‍රයේ නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරගත කෙරුණේ වල්ගමවිදානගමගේ අමරසේන (46) නමැත්තෙකි.
දෙයියන්දර ජාතික පාසලේ හයවැනි ශ්‍රේණියට සිසුවෙක් ඇතුලත්කර ගැනිමට රුපියල් 15,000 ක මුදලක් විදු හල්පතිවරයා විසින් සිසුවාගේ මවගෙන් ඉල්ලා ඇති අතර එයින් රුපියල් 7,000ක මුදලක් මුලින් ලබාදි තිබේ.
පසුව මේ සම්බන්ධව අල්ලස් හා දුෂණ මර්ධන ඒකකය දැනුවත් කිරිමෙන් පසුව ඉතිරි රුපියල් 8,000 ක මුදල ඊයේ (12) දින රැගෙන ගොස් තිබේ. එහිදි විදුහල්පතිවරයා අල්ලස් මුදල ලබා ගනිද්දි කි‍්‍රයාත්මක වු අල්ලස් නිලධාරින් ව හා විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබිය.
පසුව මාතර, කඹුරුපිටිය පොලීසියට විදුහල්පතිවරයා රැගෙනවිත් වෙනම ස්ථානයක ප්‍රකාශයක් සටහන් කරගැනිමෙන් පසුව රාත්‍රී 11ට පමණ දෙයියන්දර මහේස්ත්‍රාත් ලූෂාකා කුමාරි ධර්මකි්රර්ති මහත්මිය හමුවට ඉදිරිපත් කළාය . එහිදි කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විදුහල්පතිවරයා ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය .
මාතර - මහේෂ් මලවරආරච්චි