වරකාපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අල්ගම , ඉහලගම සහ බඹරගල ඇතුළු ප්රදේශ රැසකට පසුගිය දෙදින කාලය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ අධි අවදානමක් මතුව ඇත .
ඒ අනුව එම ප්රදේශවල පදිංචිව සිටී පවුල් 42ක පුද්ගලයින් 200 දෙනෙකු තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට වරකාපොල ප්රාදේශීය ලේකම් රංගන සජීව මහතා ඇතුළු රජයේ නිලධාරීන් පියවර ගෙන තිබේ .
මෙලෙස අධි අවදානමක් පවතින අල්ගම කලාපයේ ග්රාම නිලධාරී වසම් තුනක නායයාමේ භූ ලක්ෂණ මතු වීම පිළිබඳව විද්යාත්මකව කරුණු සොයා බැලීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (N B R O) නායයාම් පර්යේෂණ අංශ අධ්යක්ෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා වරකාපොල ප්රාදේශීය ලේකම් රංගන සජීව අත්තනායක , වරකාපොළ ප්රාදේශීය සභාවේ සභාපති සරත් සුමන සූරිය යන මහත්වරු ප්රමුඛ නිලධාරීන් පිරිසක් ඊයෙ 6 වන දා දවස පුරා එම ප්රදේශ වල නිරීක්ෂණ කටයුතු වල නිරත විය .
නායයෑමේ අධි අවදානමක් පවතින ප්රදේශ වලින් ආරක්ෂිතව පදිංචිකරුවන් තාවකාලිකව වෙනත් ස්ථානවල රඳවා තැබීම වඩාත් සුදුසු ක්රියා මාර්ගයක් බව ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා මෙම ස්ථාන පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්රකාශ කළේය .
මෙහිදී අදහස් දැක්වූ වරකාපොල ප්රාදේශීය ලේකම් රංගන සජීව අත්තනායක මහතා
“පුරා දින 2ක් තිස්සේ ම් .මී 192 - 197 ප්රමාණයක අධික වර්ෂාවක් මේ ප්රදේශ වලට පතිත වුණා. ඒ අතර පස් කණ්ඩි ඉවුරු කඩා වැටීම කිහිපයක්ම සිදුවුණා .
අල්ගම වරකාපොල ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඉරිතැලීම් සිදුව තිබෙනවා. ගෙවල් කිහිපයක බිත්ති පිපිරීම් ඉරිතැලීම් සිදුව තිබෙනවා.ප්රදේශයේ ස්ථාන කිහිපයක මෙලෙස ඉරිතැලීම් සිදුව තිබෙනවා.
මේ නිසා අපි අනාරක්ෂිත ස්ථානවල සිටි පදිංචිකරුවන් ආරක්ෂිතව ඉවත් කළා. මේ අය සම්බන්ධයෙන් N B R O සංවිධානයේ නිර්දේශ ඇතුළත් වාර්තාව ලැබුණු පසු සුදුසු ක්රියාමාර්ග ගන්නවා.”