අර්ජුන්ට සහ කසුන්ට ඇප
බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(01) නියම කළේය.
ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියනයක මුදල් ඇප සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියම කර තිබේ.
ඒ අනුව සැකකරුවන්ගෙ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බව නියම කළේය.
එමෙන්ම සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලීසිය හමුවේ වාර්තා කළ යුතු බවටද මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියම කර තිබේ.

popular news
-
රිචඩ් Tuesday, 01 January 2019 07:50 PM
මේ අයට ලොකු අසාධාරණක් උනේ. සමාගමක් ලාබ ලැබුවම පස්සේ හිරේ දාපු එක. මෙයාලගේ බිලියන 11 කම මුදලත් ආණ්ඩුවෙන් ආයේ අරගත්තා. ඉස්සර උපාලි විජයවර්ධන උනත් ලාබ ලබන්න විවිද විදියට බදු සහන ගන්න උපක්‍රම භාවිතා කලා. සරලව එකක් පැහැදිලි කරන්නම්. උපාලි ඉස්සර ලංකාවේ එයාගෙම වතු වල කොකෝවා වැව්වා. ඊට පස්සේ එයාගෙම වෙන සමාගමක් ඒවා මිලට අරං රට යැව්වා. අපි හිතමුකෝ කිලෝ එකක් රුපියල් 100 ගානේ ගත්තා කියලා. ඊට පස්සේ ඒක මැලේෂියාවේ තියෙන තවත් උපලිගේම සමාගමකට වික්කා. මෙතැනදී උපාලි කිලෝ එකක විකුණුම් මිල දැම්මේ කීලෝ ඒක රුපියල් 90 ට. දැන් බැලු බැල්මට බිස්නස් එක පාඩුයි. ඊට පස්සේ ආණ්ඩුවෙන් බදු සහන / මුල්‍යාධාර ගත්ත ව්‍යාපාරයට. ඊට පස්සේ අර මැලේසියාවේ කොම්පැනිය අර කොකෝවා වලින් විවිද නිෂ්පාදන කරලා මැලේසියාවේ වික්කා. ඒ රටට පිටින් ඇවිත් ආයෝජන කරන නිසා ඒ රටෙනුත් සහන ගත්තා. ආයේ ඒ සල්ලි ලංකාවට ගෙන නිසා තවත් සැරයක් ලංකා ආණ්ඩුවෙන් සහන ගත්තා විදෙස් විනිමය ගේනවා කියලා. මේක නිතිවිරෝධී දෙයක් නෙමේ. ව්‍යාපාරිකයෙක් කියන්නේ පුළුවන් තරම් අඩුවෙන් බදු ගෙවලා, සහන අරං, වැඩිපුර ලාභ ගන්නා කෙනෙක්.
Reply : 1 48
Bandula. Wednesday, 02 January 2019 09:54 AM
අනේ එකත් එහෙනම් ඉවරඋන නේද? ඊටපස්සේ?
Reply : 0 30
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

