වැය ශීර්ෂයක් සම්මත කර ගැනීමට හෝ ආණ්ඩුවට බහුතරය නොමැති බවට පෙන්නුම් කරන බවත්, එසේ තිබියදී ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව විපක්ෂයට චෝදනා එල්ල කරමින් සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වීම නිසා අදාළ විෂයයන් යටතේ සේවය කරන පිරිස්වලට වැටුප් ගෙවා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, එය විපක්ෂයේ වරදින් සිදු වූවක් බවට විවිධ පිරිස් ප්‍රකාශ කරන බවත් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත්වූයේ ආණ්ඩුවේ නොහැකියාව නිසා බවත්, එහෙත් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට විපක්ෂය වගකිව යුතු බවට චෝදනා එල්ල කරමින් සිටින බවත් අද (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුව සැම විටම සඳහන් කළේ 117 දෙනෙකු තමන්ට සිටිනවාය යන්න බවත්, එහෙත් පනස් දෙනෙකු සොයා ගැනීමටත් ආණ්ඩුවට නොහැකි වූ බවත් මහලේකම්වරයා පැවසීය.