ගිංගගේ සහ නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ්‍රිතව සිටින ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.
පවතින අධික වර්ෂාව හේතුවේ මේ වන විට අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවි ඇති අතර ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් අත්තනගලු ඔය ,කැළණි ගග සහ කළු ගග ආශ්‍රීතව ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.