අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැය 07ක කාලයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.
අඹතලේ මාර්ගයේ පිහිටි බුත්ගමුව යකඩ පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අදාළ මාර්ගය වසා තැබෙන බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය අංශය පැවසුවේ.
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ රාත්‍රි 10.00 සිට අලුයම 05.00 දක්වා එම මාර්ගය වසා තැබීමට නියමිතයි.
අදාළ කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.