හම්බන්තොට දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා අම්බලන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ මුලිකත්වයෙන් අද (09) පෙරවරුවේ අම්බලන්තොට නගරයේ සිදුකළ හදිසි වැටලීමකදී මිනිස් පරිභෝජනය නුසුදුසු තත්ත්වයේ පවත්වාගෙන යනු ලැබූ ආහාර සැකසුම් ස්ථාන හා ආහාරපාන විකුණුම් වෙළඳසැල් බොහෝමයකට නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
විශේෂයෙන්ම මෙම වැටලීමේදී ධිවර සංස්ථාවට අයත් අම්බලන්තොට නගර මසුන් අලෙවි සැළ තුළ අම්බලන්තොට රිදියගම නිවර්තන නිවාසය වෙත ආහාර සදහා ලබාදීම වෙනුවෙන් සකසා තිබු පරිභෝජනයට නුසුදුසු නරක්වූ මාළු කිලෝ 26ක් ද ොසෞඛ්ය පරීක්ෂකවරුන් සිය භාරයට ගෙන මුද්‍රා තබා ඒ වෙනුවෙන් එම වෙළදසැලට නඩු පැවරීමටද කටයුතු කරන ලදී.
එමෙන්ම මෙම වැටලීම අම්බලන්තොට ,හුංගම ,බරවකුඹුක ,යන ප්‍රදේශ තුළ ක්‍රියාතමක කළ අතර ඒ සදහා සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම් පහක් එක්වී තිබේ.මෙම වැටලීමේදී සිල්ලර හා තොග වෙළඳසැලවල් 50 ක් හා හෝටල් 19ක් පරික්ෂවට ලක්කර ඇති අතර එහිදී පොදුවේ වෙළඳසල් 20ක් සඳහා නඩු පවරා 19ක් සඳහා රතු නිවේදන නිකුත්කර තිබේ.
මෙහිදී නඩු පැවරු ස්ථාන අතරට අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේ ඇති විශාල තොග වෙළඳ සැලක්ද වන අතර එම වෙළඳ සැළ මිට පෙර අවස්ථා කීපයකදීම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකුණු ස්ථානයක් බවද සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා සිටි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට