අබු ඩාබි හි අවන්හලක සිදුවූ පිපිරීමකින් එක් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙක් බරපතල තුවාල ලබා ඇතැයි අබු ඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද තානාපති කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍යෙය් නීති කටයුතු පිළිබද බලධාරීන් හා රෝහල් බලධාරීන් සමඟ ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉතා සමීපව කටයුතු කරමින් සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.