අපේක්ෂාවන්ගේ අවසානයට යන්න බොහෝ බාධා ආවා - ජනපති
රටක් ජයග්‍රහණය කරා මිස කිසි`දු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව ජනපති අවධාරණය කරයි.
රටක් ජයග්‍රහණය කරා මිස කිසිඳු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බවත් අද දවසේ ඉටුකිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
පොලොන්නරුවේ පැවැති වැඩසටහන් කිහිපයකින් අනතුරුව ජනතාව අමතමින් ඔහු මේ බව පැවැසීය.
පොළොන්නරුව සංවර්ධනයට තමාට සියලුදෙනාගෙන් ලැබුණු සහය රට වශයෙන්ම ගෙන ගිය වැඩපිළිවෙළට ද හිමිවූවානම් අද රට ද පුළුල් වෙනසකට ලක්ව තිබෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා නිදහස, ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස සමඟ රට සහ ජනතාව වෙනුවෙන් සුවිශේෂ වැඩකොටසක් තම පස් වසරක ධූර කාලය තුළ ඉටු කිරීමට හැකි වුව ද තමා රටත් ජනතාවත් වෙනුවෙන් තැබූ අපේක්ෂාවන්ගේ සහ අධිෂ්ඨානයන්ගේ අවසානය කරා ළගාවීමට බොහෝ බාධාවන් මතු වූ බව ද කියා සිටියේය.
තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටුකිරීමට හැකිව තිබු බවද ජනාධිපති කියා සිටියේය.
popular news
-
Champa Sunday, 03 November 2019 01:35 PM
"තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වල එකඟවන පිරිසක් වගකීම් දැරුවානම්...." කොහොමද කතාව අපි කරපු වැඩක් වගේ. 2015 තිබ්බ එකම අරමුණ මහින්දව බලයෙන් පහ කිරීම. අදටත් ඒ අරමුණ එහෙමමයි. ඒ වෙනුවෙන් බලයට ගෙනාවේ කිසි දවසක චන්දෙ දිනන්න බැරි රනිල්වයි යූඑන්පී එකයි. දේශපාලනයෙන් ඉවත් වෙන්න මෛත්‍රීගේ හිතේ අහලකවත් නැහැ. ඒකට තිබ්බ එකම බාධාව මහින්ද. ඒකත් නැති කරගත්ත 2018 ඔක්තෝබර් මාසේ මහින්දට බොරුවට අගැමතිකම දීල ඊට පස්සේ බැසිල් එක්ක එකතු වෙලා මහින්දව පොහොට්ටුවට බඳවාගෙන. ඊට පස්සේ ඉතුරු බාධාවක් තිබ්බ නම් ඒකත් නැති කරගත්ත මහින්දව බැසිල් ලව්වා පොහොට්ටුවේ නායකත්වයට පත් කරගෙන. දැන් මෛත්‍රීට කිසි බාධාවක් නැහැ පාර්ලිමේන්තු ඇවිල්ල UPFA එකේ නායකත්වය ගන්න. අනිත් එක මෛත්‍රී කියන්නේ උඩින් එකක් කියල යටින් වෙන දෙයක් කරන මිනිහෙක්. තමන්ගේ පිලේ එක පිරිසක් යූඑන්පී එකට යවල ඉතුරුටික පොහොට්ටුවට යැව්වා. මෛත්‍රීගේ සහයෝගය තියෙන්නේ සජිත්ට. මම මේක කිව්වේ 2017 තරම් ඈත කාලේදී. ගෝඨාභය අද වෙනතුරු කියල නැහැ මහින්ද අගැමති කරනවා කියල. ගෝඨාභය චන්දෙට දාල මහින්ද හරාකිරි කරගත්ත.
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Monday, 04 November 2019 03:17 AM
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
Demuni de Silva Monday, 04 November 2019 06:33 AM
You must realize that we now live in a global village; not in a well like a frog.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

