"ලංවිම නවීකරණය කරන්නේ පාරිභෝගිකයාට හොද සේවයක් ලබාදෙන ගමන්ම අපේ පාඩුව ලාභයක් බවට පරිවර්තනය කරන්නයි. මේ අවුරුද්දේ ලංවිම ඇස්තමේන්තුගත අලාභය කෝටි අටදහසක්. මේක අපි තුළින්ම නැති කරගත යුතුයි. කෝටි අටදහසක් කියන්නේ මහවැලියක් ඇති කරන්න යන වියදමක්. මේක දරන්න පුළුවන් වියදමක්ද " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, අද (30) පෙරවරුවේ තලංගම ලංවිම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"අප්‍රේල් 04 වනදා වනවිට රටේ හැම කොනකම පාරිභෝගික සේවා අංශයක් ඇති කරන්න ඕන. මින් පසුව අපි එක අංකයක ඇමතුමකින් ලංකාවේ ඕනෑම තැනක සිට විදුලිබල මණ්ඩලයට අයත් සේවා ලබාගත හැකි තත්ත්වයක් ඇති කළ හැකි ක්‍රමවේදයක් සකස් කරනවා. තව මාස 06 ක් යන්නට මත්තෙන් ලංවිම, ලංකාවේ විශිෂ්ඨ ගණයේ ආයතනයක් බවට පත්කරනවා. අපි ජනන වියදම අඩු කළොත් ඒකෙ වාසිය පාරිභෝගිකයාට ලබාදෙන්න පුළුවන්. ඒකක 0 සිට 120 වනතෙක් පාරිභෝගියන් 52% ක් තුළින් තමයි අපේ අලාභය, ලාභය බවට පත්කරලා දෙන්නේ. ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන තුලින් අපි ලබන්නේ පාඩුවක්. ඒ නිසා තමයි අපි අපේ පාරිභෝගිකයාට සැලකිය යුත්තේ.
විදුලිබල මණ්ඩලයේ තිබෙන්නේ ඒකාධිකාරිත්වයක්. පාරිභෝගිකයාට ලංවිම හැර වෙන විකල්ප නැහැ. නමුත් මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ලංකාවේ දින ගණන්, සති ගණන් වැයවූ කටයුතු මේ වනවිට බොහෝ ආයතනයන්හි පැය කිහිපයකින් කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයත් අන්න ඒ වගේ කාර්යක්ෂම ආයතනයක් කල යුතුයි. වෙනසක් ඇති කළ යුතුයි යැයි පැවසිය.