අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව පවසයි.
එසේම අදාළ විමර්ශන කටයුතු වලදි ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ආකාරයෙන් සිදු කිරීම සඳහා එම රජයේ නිලධරයන් සමග කුමන්ත්‍රණය කිරීම හෝ ඒ සඳහා අනුබලදීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය සඳහන් කරයි.
එසේම මන්ත්‍රීවරයාගේ බලපත්‍ර රහිත පිස්තෝල ගිනි අවිය යොදාගෙන යම් කිසි අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව බස්නාහිර පළාත් දකුණ කොට්ඨාසය විසින් වැඩිදුරටත් විමර්ශනය කරන බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.