ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැක ගනිමින් පොහොට්ටුව සමඟ එකතුවීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (26දා) බදුල්ලේදි පැවැති බන්ඩාරනායක ගුණසමරු උත්සවයකදී පැවසීය.
“අපි එකතු වෙන්න ඕන වෙලාවට එකතුවෙනවා. හැබැයි එකතුවන්නේ පස්සේ දොරෙන් ගිහිල්ලා නෙවෙයි. අපිදැන් ගිවිසුම් හදනවා අපි ලස්සනට එකතුවෙනවා.
පෙහොට්ටුව කියන්නේ පක්ෂයක් ඒක අපිට කමක්නැ හැ . අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පක්ෂයේ ඉදගෙනම සහයෝගය දෙනවා.”
පාලිත ආරියවංශ