පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 20ක් 30ක් දමා තම ජනතාවට රැවටීමට නොහැකි බවත් විමර්ශන අවසන් කියා මෙම සිදුවීම කාපට් එක යටට දැමීමට ඉඩ නොදෙන බවත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පවැසූහ.
“පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව අපේ අදහස් උදහස් කිහිපයක් රජයට විශේෂ ලියවිල්ලකින් අපි ඉදිරිපත් කරනවා. ඒ ලියවිල්ල අපි ජනපතිතුමාට ලබාදෙනවා.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල දැනට තිබෙන තත්ත්වය විග්රහ කරලා බලලා තමයි අපි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තු වෙනවා පාස්කු ප්‍රහාරය ගැන මීට වඩා සක්‍රීය තත්ත්වයක්.
අපි හිතේ තියෙන දුක් ගැනවිල්ල අපි දේශපාලන පක්ෂවලට දැන්වූවා. අපි රජයෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා විමර්ශන උඩින් පල්ලෙන් කරලා මේක ඉවරයි කියලා කාපට් එක යටට දාන්න එපා.
නඩු 20ක් 30ක් දාලා අපේ ජනතාව සන්තෝෂ කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවනම් ඒ අයම රවට්ටා ගැනීමක්. අපි මේක මෙතනින් ඉවර කරන්නේ නෑ.”