පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවේ සඳහන් කරුණු එළැඹෙන අප්‍රෙල් 21 දාට පෙර ක්‍රියාත්මක වෙන බවට පැහැදිලිව දක්නට අවශ්‍ය බවත් එසේ නොමැතිවුවහොත් ඒ පිළිබඳව අවධානය යොමුකරන බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
කටුවපිටිය දේවස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
“ජනතාවට ස්තූතිවන්ත වෙනවා අපේ ඉල්ලීමට සවන් දීලා බස්නාහිර පළාතේ දේවස්ථානවලට කලු ඇඳගෙන ඇවිල්ලා සාධාරණයක් ඉල්ලූ සෑම දෙනාටම ස්තූතිය ප්‍රකාශ කරනවා.
අපි වෛරය හා ආගමික ඝට්ටනය ඇති කරන්නට කටයුතු කරන කාටවත් සහාය දෙන්නේ නෑ. ආගම වෙනුවෙන් ඝට්ටන ඇති කර ගැනීමෙ ප්‍රතිපත්තියට නැඹුරු වී ඉන්නවම් අයින් වෙන්න.
ජනපති කොමිෂමෙන් නිර්දේශ කර දේවල් ක්‍රියාත්මක කිරීමට රජය ශක්තිමත්ව කටයුතු කළ යුතුයි. රජයට විශේෂයෙන් ඉල්ලීමක් කරනවා යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට වහ වහා කටයුතු කරන්න.
හැම නිර්දේශයක්ම ක්‍රියාත්මක කළ යුතුයි. සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. තමන් නිවැරදින් එය නීතිය ඉදිරියේ කළ යුතුයි.
තවදුරටත් අධ්‍යනය කරන්න කියලා තියෙන දේවල් කඩිනමින් විමර්ශනය කළ යුතුයි. තමන්ගේ වාසිය තකා කණ්ඩායම් ආරක්ෂා කිරීමට වැරදි කර තිබෙන අය ශුද්ධවන්තයින් නොකළ යුතුයි.
ස්වාධීන දත්ත සොයාගෙන මෙය පසුපස සිටියේ කවුද කියා සොයාගත යුතුයි. තාවකාලික ලාභ ප්‍ර යොජන ලබාගෙන යට ගහන්න උත්සාහ කළොත් අපි පෙළ ගැසෙනවා.
අප්‍රේල් 21 කට කලින් අපිට ප්‍රා යෝගික ක්‍රියාවලියක් සිදුවෙන බවට ඒත්තු ගැන්විය යුතුයි. අපි කාටවත් බය නෑ. අපි කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.”