ආණ්ඩුව ගෙන එන ජාතික ආණ්ඩු යෝජනාවලිය පරාජය කිරීමට අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පවසයි.
අද (13දා ) අද පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.
ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාවලියක් මීළඟ පාර පාර්ලිමේන්තුව දී ආණ්ඩුව ඉදිරිපත් කිරීමට සැරසෙනවා . මේ යෝජනාවලිය සම්පූර්ණ බලාපොරොත්තුව දේශපාලන බලය වෙනුවෙන් තමන්ගේ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් කිසිම සදාචාරයක් නැති නිර්ලජ්ජිත ආකාරයට ආණ්ඩුවේ ප්‍රදර්ශනය කිරීමක්.
තවදුරටත් යහපාලනය කියන වචනය ඉතාමත් නරක අකාර යොදා ගැනීමක් තමයි මේ තුළින් සිදු වෙන්නේ. මෙයින් බලාපොරොත්තු වෙන්නේ ඇමති මණ්ඩලය වැඩි කරගැනීම. මෙය කිසිසේත් සදාචාර සදාචාරාත්මක නෑ. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා යෝජනාවක් ඉදිරිපත් කිරිමෙන් පසු එය පරාජය කිරීමට.
අප මේ වෙනුවෙන් අනෙකුත් දේශපාලන පක්ෂ හා එකතුව සාකච්ඡා කිරිමට තීරණය කර තිබෙනවා .
මේ ජාතික ආණ්ඩු යෝජනාවලිය වහාම පරාජය කිරීමට කටයුතු කරන බවත් ඒ හැකියාව විපක්ෂයට තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
බලන්ගොඩ - රෝහණ වසන්ත