නාවික හමුදාව විසින් ඊයේ (30) වන දින ත්‍රීකුණාමලය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය විමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදී.
තවද, මෙහිදි එම පුද්ගලයින් විසින් ඒ සඳහා භාවිතා කරන ලද ට්‍රෝලර් යාත්‍රාව ඔකඳ කුණුකල, පානම වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගැනීමට සමත්විය.
වැඩිදුර විමර්ශනයේදී ඔවුන් සමඟ පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මෙලෙස නීතිවිරෝධී ලෙස සංක්‍රමණය විමට සූදානම්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති අතර, අනෙකුත් සැකකරුවන් සොයා නාවික හමුදාව විසින් විමර්ශන දියත් කර ඇත.
එමෙන්ම අනවසරයෙන් සංක්‍රමණය වීමට කරන ලද උත්සාහය නාවික හමුදා ආවේක්ෂණ මෙහෙයුම් හමුවේ අසාර්ථකවීම හේතුවෙන් සැකකරුවන් මෙලෙස නැවත ගොඩබිමට පැමිණ ඇති බවට අණාවරණය වි ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව සිදු කරනු ලබයි.
මෙලෙස නාවික හමුදාව විසින් සිදු කරන සෝදිසි කිරීම් හේතුවෙන් මෙරටින් නීතිවිරෝධී ලෙස විදේශ ගතවිමට උත්සාහ දරන අනවසර සංක්‍රමණික සහ මිනිස් ජාවාරම් කටයුතු අවම කිරීමට නාවික හමුදාව සමත් වි ඇත.