Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
තම පාලන කාලයේ අවසන් අවුරුදු දෙකේදී තමන් පැවැසූ කිසිවක් එවක අගමැති, ඇමතිවරු හා ඇතැම් නිලධාරීන්ද ගණන් නොගත් බවත් ඒ අනුව තමන්ට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ දමිල මාධ්‍යෙව්දීන් හා ඊයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහුට යොමුකළ ප්‍රශ්ණ හා පිළිතුරු
18 වැනි සංශෝධනය?
(18 වැනි සංශෝධනය) හදිසියේ හැදුවට ඒක හරියට හැදුවනේ ජී.එල්. පීරිස්. මම 18 වැනි සංශෝධනය හදුවේ මට තරග කරන්න ඕන නිසා නෙමෙයි. අන්තිම අවුරුදු දෙක වන විට කවුරුවත් වැඩ කරනනේ නෑ. ජනපති කියන දේ අගමැති, ඇමතිවරු විතරක් නෙමෙයි නිලධාරීනුත් ඇහුවේ නෑ.
ඒ වුණාට ජනපති එහෙම නෙමෙයිනේ කිව්වේ?
ඔව් මම ඉස්සරහත් කිව්වා. මම එතුමා ළඟට ගිහින් කිව්වා හතර වටේටම ගැහුවා නේද කියලා. රනිල් ළඟ තියාගෙන කිව්වේ. රනිල් මෙහෙම තියාගෙන මම කිව්වා .
ජනාධිපතිත් එක්කනේ ඉන්නෙ?
නෑ අපි ජනපතිත් එක්ක නෑ. විරුද්ධ වෙන්න ඕන තැන්වල විරුද්ධ වෙනවා.
පොලිස් හා ඉඩම් බලතල?
පොලිස් බලතල දුන්න දවසට ඔයාලට පෙනෙයි. වැඳගෙන ඉන්න වෙයි මහ ඇමතිට. මිනිස්සුන්ට හැමදාම සටන් පාඨයක් දාන්න පුළුවන්ද අපිට ඊළාම් ඕන කියලා. කොල්ලොනට රස්සාවල් නෑ. ගොවීන්ට එළවළු ටික විකුණගන්න බෑ. වී ටික විකුණ ගන්න බෑ. විකුණගන්න මිලක් නෑ. ස්වයං කර්මාන්ත ශාලා නෑ. කර්මාන්ත ශාලා මම හැදුවට පස්සේ එකක්වත් හදලා නෑ. මොනව ද මේ කතා කරන්නේ.
වෙන වෙනම රාජ්‍ය ඇතිකරන්න බෑනෙ. මම දෙමළ නායකයොත් සමග කතා කරලා තිබෙනවා. තේ බිලා තිබෙනවා. කෑම කාලා තිබෙනවා. ගෙනල්ලා සාකච්ඡා කරනවා. හැන්දෑවට ගිහිල්ලා වෙන එකක් කියනවා. මොකද ඒ අය හිතුවා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවොත් එයාලා ඉල්ලන ඕන දෙයක් දෙයි කියලා.
නිදහස් පක්ෂය සමග ගමනක් තිබෙනවද?
කිසි ගැටලුවක් නෑ.
popular news
Champa Wednesday, 06 February 2019 11:17 AM
මෛත්‍රීගේ කතාව බෝවෙලා. ඔබ රටේ රාජ්‍ය නායකයා. අන්තිම අවුරුදු වල ජනාධිපතිවරයා කියන දේ අහන්නේ නැත්තේ නිලධාරීන් නෙමෙයි, දේශපාලකයන් තමයි ඔය වැඩේ බෝ කලේ. අනික ඔය කතාව නිදහසට කාරනාවක් නමෙයි. ඔබේ ආණ්ඩුව 2010 - 2015 පාලනය කලේ ඔබේ සහෝදරයන්, ලලිත් සහ සජින්. ඔබ දුර්වල වුනු නිසා ඔබ කියන දේ නිලධාරීන් අහන්න නැතුව ඉන්න ඇති. ඔබට නීතිය ක්‍රියාත්මක කරන්න බලය තිබුන. දැන් ඊට කලින් හිටපු චන්ද්‍රිකාට ජේ ආර්ටත් එහෙම වුනාද? මම හිතන්නේ නැහැ.
Reply : 0 19
Champa Wednesday, 06 February 2019 11:26 AM
වෙන තැනක දැක්ක ඔබ කියල තියෙනවා TNA හෝ විග්නේශ්වරන් හෝ වෙන ඕනෑම කෙනෙක් එක්ක ඔබ එකතු වෙන්න ලෑස්තියි කියලා දෙමල ප්‍රශ්නෙට දේශපාලන විසඳුමක් දෙන්න. ඔබ ඔවුන්ට චෝදනා කරන ඔබත් එක්ක cooperate කලේ නැහැ කියලා. වෙන විදිහකට කියන්නේ ඔබත් එක්ක හිටිය නම් 13 ගන්න තිබුන කියන එකද? මම නම් දේශපාලනය කතා කරන්න අරන් වැඩි කාලයක් නැහැ. පටන් ගත්තේ 2015 පෙබරවාරි. හැබැයි මේ කාලෙට මට තේරිච්ච විදිහට නම් දෙමල දේශපාලන පක්ෂ ඔබත් හෝ ඔබ සමඟ සිටින වෙනත් රාජපක්ෂ කෙනෙක් සමඟ හෝ කිසි කෙනෙක් එක්ක එකතු වෙන්නේ නැහැ. ඔවුන් කරලියේ ඉන්න කවුරු එක්කවත් එකතු වෙන්නේ නැහැ. යූඑන්පී එක එක්කත් ඊළඟ චන්දෙදි එකතු වෙන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී ඉල්ලන අපේක්ෂකයන් අනුව ඔවුන් තීරණය කරයි කාටද චන්දෙ දෙන්නේ කියලා. ඒ ගැන ස්වාධීන තීරණයක් ගනියි. ඔබටවත් රනිල්ටවත් මෛත්‍රීටවත් ඔවුන් නැවත එකතු වෙන්නේ නැහැ. මට නම් හිතෙන්නේ ඔවුන්ටත් මේ දේශපාලනය එපා වෙලා.
Reply : 0 7
Priyantha Thursday, 07 February 2019 09:26 AM
අන්තිම අවුරුදු දෙකේ කරපුවා ඔක්කොම දන්නවා.නොදන්න අයට තමා අර සුදු වෑන් එකේ නොමිලේ ප්‍රවාහනය ලබා දුන්නෙ.
Reply : 0 3
Kumar Thursday, 07 February 2019 10:29 PM
ඒ කාලයේ තිබුන හැටියට දෙවරක් ජනාධිපති වරණය දිනලා නම්ම්බුකාරයෙක් වශයෙන් විශ්‍රාම ගියානම් ඔය ප්‍රශ්න ඉවරනෙ. බලලොබයෙන් තුවාන වතාවටත් ජනපති වෙන්න කලින් මැතිවරණය තියල අනාගත්තනෙ. මහින්ද මත්තයාගේ කාලේ තමන්ගේ නෑදෑයෝ පොහොසත් වුණා විතරනෙ. එක ඥාතියෙකුට ඇමෙරිකාවේ හිරබත් කන්න වෙයිද.
Reply : 1 3
Champa Friday, 08 February 2019 05:26 PM
Kumar --- එහෙම විශ්‍රාම යන්න කියල කියන්න ඇයි තමුසේ හිටපු ජනාධිපතිතුමාගේ හැරමිට්ටද? දළදා හාමුදුවන්ගේ පිහිටෙන් එතුමාට කැමති කාලයක් දේශපාලනයේ ඉන්න පුළුවන්. රට මේ තරමටවත් බේරුනේ හිටපු ජනාධිපතිතුමාව මිනිස්සු නැවත පාර්ලිමේන්තුවට අරන් ආපු නිසා. නැත්නම් මේ රට මෙලහට පරදෙසක්කාරයෝ අල්ලාගෙන. රටින් පැනල ගිය කොටි නැවත ඇවිල්ල LTTE ත්‍රස්තවාදය නැවත ඇතිවෙලා. මේ විදහටවත් අල්ලාගෙන ඉන්නේ දෙගොල්ලම මහින්දට බය හින්ද.
Reply : 0 0
Kumar Sunday, 10 February 2019 09:08 PM
ඇත්ත කියාවට තරහ ගන්න එපා. LTTE පරාජය කලේ තමන්ගේ දිවි නොතකා රණබිමේ සටන්කළ වීර සෙබළුන් බව ඔබට අමතක වෙන්න ඇති. රාජපක්ෂලා බලයෙන් නෙරපන්න තිරනය් කලේ ලංකාවේ ජීවත්වෙන චන්දදායකයෝ වග අමතක කරන්න එපා. මහින්ද මහත්මයාගේ කටයුත් හොදනම් පරාජය වෙනද?
0 0
Champa Monday, 11 February 2019 04:28 PM
Kumar -- මහින්දව පරාද කරන එක හෝ නොකරන එක ජනතාවගේ වැඩක්. අනිත් එක ඊළඟ ජනාධිපති වෙන්නේ රාජපක්ෂ කෙනෙකුත් නෙමෙයි. හැබැයි මහින්දට විශ්‍රාම යන්න කියලා කියන්න කාටවත් අයිතියක් නැහැ. කොහොමටත් game එකක් යනවා ගන්න තියෙන ප්‍රයෝජනේ අරන් විශ්‍රාම යවන්න. ළඟ මිසක් දුර පේන්නේ නැති හින්ද මහින්දට ඒ බව පේන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd