පවතින වියලි කාලගුණය නිසා කාසල්රි ජලාශයේ ජලය 49% ට වැඩි ප්‍රමාණයක් පහත බැස තිබේ. එය දඩමිමා කරගනිමින් ජලාශයේ ජලය සිදී ගිය ස්ථාන වල ඉවුර හාරමින් කිසියම් පිරිසක් මහා පරිමාණයේ මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරමින් පවති.
රාත්‍රි කාලයේදී හැටන් නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ඔත්තුකරුවන් යොදා විශේෂ විදුලි උපකරණ උපයෝගි කරගෙන ආලෝකය සපයා ගනිමින් මහ පරිමාණයෙන් කැණිම් කරන බව ප්රදේශවාසිහු පවසති.
එලෙස හාරා ගොඩ දමන ලද ඉල්ලං ජලාශයටම සොදන බවද ජලාශය නිරික්ෂණය කිරිමේදී තහවුරු වේ.
විශේෂයෙන් ප්‍රධාන මාර්ගය ආසන්නයේම මෙම ජාවාරම සිදු කරමින් පවතින අතර වගකිවයුත්තන්ට අනාවරණය නොවිම ගැටලු සගත බව ජනතාව පවසති.
කාසල්රී ජලාශය ලංකා විදුලිය බල මණ්ඩලයට අයත් වන අතර ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියෝන්, විමලසුරෙන්ද්‍ර හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර සඳහා විදුලිය උත්පාදනයට ජලය ලබාගන්නා ප්‍රධාන ජලාශ දෙකෙන් එකකි. එහි වෙල්ලේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක නිලධාරින් පිරිසක් යොදවා ඇති අතර ජලාශයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා නිලධාරීන් යොදවා ඇත.
ඔවුන් බොට්ටු උපයෝගී කරගෙන ජලාශය තුල ජංගම නිරික්ෂණ චාරිකාද සිදු කරති. කාසල්රී ජලාශය හැටන්, නෝර්වුඩ් හා නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසම් වලට අයත්ව පිහිටා තිබේ.
ජලාශය සිදී ඇති අයුරු නිරික්ෂණය කිරිමට මේ දිනවල ප්‍රදේශවාසින් හා වෙනත් ප්‍රදේශ වලින් ජනතාව පැමිණෙන අතර ජලාශයේ ඇවිද යන ඔවුන් සොදා දමාගොස් ඇති ඉල්ලං පිරික්සන අයුරුද දක්නට ලැබේ.