දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියවැනි කිලෝමිටරය ආසන්නයේ දි මාළු පැටවු ලොරි රථයක් පෙරළි යාමෙන් අනතුරට ලක්ව ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් මුරපොළ පවසයි.
මෙකි ලොරි රථය මාතර සිට මාළු පටවාගෙන කොළඹ බලා ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ලොරි රථයේ රියැදුරුට එහි වේගය පාලනය කරගැනිමට නොහැකි විමෙන් ලොරි රථය පෙරළි ගොස් ඇති බව පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
ඊයේ (11) රාත්රි 10.45ට පමණ මෙම අනතුර වි තිබුණි. ලොරි රථයේ රියදුරුට හෝ ලොරි සහායකයාට මෙම අනතුරෙන් කිසිදු තුවාලයක් වි නොතිබුණි.