දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 58 ඌරගස්මංහන්දිය -මඩකුඹුර ප්‍රදේශයේදී ආපදාවට ලක්වූ කුඩා ලොරි රථයක් අසල රැඳී සිටි පුද්ගලයන් තිදෙනෙක් වෙතට (15) ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් නවතා තිබූ වෑන් රථයක ගැටී එම වෑන් රථය කඩා වැදීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි .
අනතුරින් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ සමීර පෙරේරා නැමැත්තෙකි .
මාතර ගොඩගම සිට කඩවත දෙසට පැමිණෙමින් තිබූ කුඩා ලොරි රථයක් ආපදාවට ලක්ව මාර්ගයේ නතර කර තිබියදී එය යථා තත්ත්වයට පත් කිරීමට උදව් කිරීම සඳහා එම දිශාවටම ගමන් ගත් කුඩා ලොරියක රියැදුරු සහ වෑන් රථයක රියදුරු ඔවුන් පැමිණි වාහන නවතා එම ලොරි රථය අසලට පැමිණ සිට ඇතැයි පොලිසිය කියයි
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් කොළඹ දෙසට මූණ වෙලා නවතා තිබි වෑන් රථයේ පිටුපස ගැටී එම වෑන් රථයආපදාවට ලක්වූ ලොරි රථය අසල සිටි රියදුරන් වෙත කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ රියැදුරන් තිදෙනා ගාල්ල නාගොඩ රෝහලටත් ,කැබ් රථයේ ගමන්ගත් ගමන් ගත් රියැදුරු සහ අනෙක් පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි .
නාගොඩ රෝහලට ඇතුළත් කර සිටි රියදුරන් තිදෙනාගෙන් එක් අයෙක් මද වේලාවකට පසු මියගිය බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.
දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ