මුලතිව්, මුල්ලියාවේලි ප්රදේශයේ තරුණයෙකු ඊයේ (08) දින ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ සහෝදරයා නිවසට පැමිණ කථා කරන අවස්ථාවේ සහෝදරයා නිවසේ නොසිටි බැවින් සහෝදරයා සම්බන්ධයෙන් සොයා බැලීමේදි ගෙවත්තේ ගෙල වැළලාගෙන සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසිය අදාළ ස්ථානයට ගොස් මළසිරුර රැගෙන මුලතිව් රෝහලට භාර දි ඇත.
මුල්ලියාවේලි ප්රදේශවාසීන් පොලීසියට පවසා ඇත්තේ අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිත්තැවුලට පත් අදාළ තරුණයා ඒ පිළිබඳව ලිපියක්ද ලියා සියදිවි නසාගෙන ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.