අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද පැය 24 ක කාලයක් වත්තල ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
ඒ අනුව අද උදෑසන 10 සිට හෙට (04) උදෑසන 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටු වෙයි.
වත්තල - මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට, වැලිකඩමුල්ල, හැඳල පාර - නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග සහ අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.