කොළඹ නගරය තුළ ෆයිසර් එන්නත් ලබාදීම තාවකාලිකව කල් දමා ඇති බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ මෙම මස තෙවැනි සතිය තුළදී ඇස්ට්රා සෙනිකා එන්නත් තොගයක් ලැබීමට නියමිත හෙයින් මෙසේ කොළඹ නගරය තුළ ෆයිසර් එන්නත් ලබාදීම තාවකාලිකව කල් දැමී බවයි.
ඇස්ට්රාසෙනිකා එන්නතේ පළමු මාත්රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්රාව ලෙස මෙසේ ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කෙරිණි.
මේ හේතුවෙන් අපහසුතාවට පත්වූ කොළඹ ජනතාව වෙත සිය කනගාටුව ප්රකාශ කරන බවද රෝසි සේනානායක මහත්මිය පැවැසුවාය.