ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කරයි.
අද දිනයේ දී, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකිය.
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.