රේගු වෘත්තිය සමිති ආරම්භ කොට ඇති අකුරට වැඩ කිරීම නිසා මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද වී ඇති හෙයින් රට තුළ අතවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහළ යාමට ඉඩ ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපණ වී ඇති බවත් ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව පැති කිහිපයක් සැක මතුවන බවත් ඔහු සඳහන් කරයි.