දුෂණ, වංචා සහ කොමිස් නතර කර අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනයක් ඇති කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ රැකියාලාභී දෙමාපියන්ගේ රැස්වීක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“දින 53 ක් පුරා පැවැති ඖෂධ හිඟය හේතුවෙන් ඖෂධ හිඟයක් ඇති වුනා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟවීම නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත් වුනා. මම යළි ඇමැති වුනා කියලා රෝගීන්ට ඖෂධ නැත්නම් වැඩක් නැහැ. රෝගීන්ට දේශපාලන අර්බුද වැඩක් නැහැ. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතුයි. දුෂණ, වංචා, කොමිස් නතර කරලා මිල පාලනය ඉදිරියේ දී ඇති කළ යුතුයි. 2015 වසරේ දී දැඩි දේශපාලන තීන්දුවක් මම ලබාගත්තා. අපේ රජයේත් දුර්වලකම් තිබෙනවා. ලිච්ඡවි පාලනයෙත් දුර්වලකම් තිබුනා. නමුත් මම ප්‍රකාශ කරන්න කැමැතියි පැවැති රජයන්ට වඩා මෙම රජය ජනතාවට සේවය කර තිබෙනවා. මම ජනතා සේවාවල් සිදු කරන්නේ ජනතාවට ඉතාම ආදරයෙන්.”
“2015 වසරේ මැතිවරණය ජයගෙන ලබාදුන් පොරොන්දු අපි එකිනෙක ඉටු කළා. රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළේ 2006 වසරෙන් පසුවයි. වැඩි කළ වැටුප වසර 2020 වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටපට එකතු වෙනවා. වැටුප් වැඩිවීම තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින්ගේ අතිකාල දීමනා සදහා මාසිකව රුපියල් බිලියන 3ක මුදලක් අවශ්‍ය වනවා. විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරිම, සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩි කිරීම, සරසවි සිසුන්ගේ මහපොල වැඩි කිරීම, ගොවි ණය කපා හැරීම, කිරිගොවීන් පෝෂණය කිරීම වැනි ජනතා සේවාවන් රැසක් රජය විසින් ඉටු කර තිබෙනවා.
එම සේවාවන් පිළිබඳව සමහරුන්ට මතක නැහැ. අපි ඉටු කළ සේවාවන් මාධ්‍ය මගින් පෙන්නුවෙත් නැහැ. යහපාලන නිසා ප්‍රචාරණයට මුදල් වැය කිරීම නතර කර ජනතා සහන ලබාදෙන්න කටයුතු කළා. නමුත් අපි වගේ රටකට ප්‍රචාරණය අවශ්‍යයයි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 73 ක මිල පාලනයක් සිදු කළේ බලපෑම් මතයි යනුවෙන් ඔහු පැවසිය.