බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකරුවෙකු වු , කොල්ලකෑම තිහකට අධික ප්‍රමාණයකට සම්බන්ධ සැකකරු හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග පිළියන්දල තිස්ස මාවතේදී අද 7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි .
රන්මාල කොල්ලකෑමක් සහ මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී අධිකරණය ආසන්නයේදීය අත් විලංගු සමග පලා ගොස් තිබුණේ මීට මාස එකහමාරකට පෙර දී බව පොලීසිය කියයි.
එම සිද්ධිය හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට පවා ලක්විය
වැඩ තහනමට ලක්වූ එම පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය අධ්යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා පැවසීය .
එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරු මත්කුඩු මිලදී ගැනීම සඳහා පිළියන්දල තිස්ස මාවතට පැමිණෙන බවට පොලිස් කොස්තාපල් 72338, ලලන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු මත් කුඩු සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පොලිස් අත්අඩංගුවෙන් පළා පලා ගිය මාස එකහමාර තුළදී අනෙක් පුද්ගලයා සමඟ එක්වී පිළියන්දල මොරටුව හා මොරටුමුල්ල, ප්‍රදේශවලදී යතුරුපැදි හතරක් සොරකම් කර රන්මාල අටක් කොල්ල කා දිනකට රුපියල් 10,000 ක මත්කුඩු පානය කල බව බවට සැකකරුවෙක් අනාවරණ වූ බව පොලිසිය කියයි ,
කොල්ල කෑම් සිදුකිරීමෙන් අනතුරුව යතුරුපැදිය එම ප්‍රදේශ වල දමා ගොස් තිබූ බවත් රන්මාල හෝමාගම සහ හෙට්ටිවිදිය ප්‍රදේශයට උකස් කර තිබු බව පොලිසිය කියයි.
"මල් සිරි පීරිස්" නමැති ලියාපදිංචි අපරාධකරු කොල්ල කෑම සිදු කළ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
බිමල් ශ්‍යාමන් ජයසිංහ