මේ වසරේ ගත වූ මාස 08 තුළදී දිවයිනට සංචාරකයන් 1,582,835ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර පසුගිය මාසය තුළදී පමණක් විදෙස් සංචරකයන් 200,359ක් දිවයිනට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය වූ 190,928 හා සැසඳීමේදී එය 4.9%ක ඉහළ යෑමකි.
2017 වසරේ මුල් මාස 08 තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාවට වඩා 12.5% ක ඉහළ යෑමක් මෙම වාර්තා වී ඇති අතර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණ ඇති රටවල් ලෙස පිළිවෙලින් ඉන්දියාව, චීනය හා එක්සත් රාජධානිය යන රටවල් වාර්තා වෙයි.