නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නේපාල හා ටිබෙට් දේශසීමාව හරහා ඇතිවූ ක්ෂණික ගංවතුර තත්ත්වය පිළිබඳ තොරතුරු උපුටා දක්වමින් නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් පාර්ලිමේන්තුවට පැවසුවේ, දේශීය වේලාවෙන් පෙරවරු 08:37ට පමණ එම ප්‍රදේශයට භූමකම්පාවක් බලපෑ බවයි.
එම භූමකම්පාව හේතුවෙන් ග්ලැසියර කඩා වැටීමක් (avalanche) සිදුවූ බවත්, ඉන් අනතුරුව හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවූ බවත් ඔහු පවසයි. අදාළ තොරතුරු තවදුරටත් තහවුරු කරමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.
නේපාලයට මෙන්ම චීනයට ද "විශාල හානියක්" සිදුවී ඇති බව ඛානල් පවසයි. නේපාලය චීනය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ඔහු සඳහන් කරයි. මේ වන විට පොලිස් නිලධාරීන් 26 දෙනෙකු, සන්නද්ධ පොලිස් නිලධාරීන් 9 දෙනෙකු සහ හමුදා සාමාජිකයින් 44 දෙනෙකු අතුරුදහන්ව සිටිති.
රේගු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ද අතුරුදහන්ව සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.
මාර්ග, පාලම්, සන්නිවේදන සහ ජල විදුලි යටිතල පහසුකම්වලට ද දැඩි හානි සිදුවී ඇත. රාසුවා (Rasuwa) සහ නුවාකෝට් (Nuwakot) දිස්ත්‍රික්කවලට වැඩිම බලපෑමක් එල්ල වී ඇති බව ද ඔහු සඳහන් කරයි. මරණ විශාල ප්‍රමාණයක් සිදුවන්නට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ත කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

