දීර්ඝ නිවාඩුවට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලිය පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පගමගේ මහකා පැවසීය.
එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර වෙන් කර ගෙන ඇති බවත්, එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය ඇතුලු සංචාරක ස්ථාන නැරඹීමට එක් වී සිටින බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා සිටියේ.
එම සංචාරකයන් අතර, විදේශීය සංචාරකයන්ද විශාල පිරිසක් සිටින බවත්, එම සංචාරකයන් නුවරඑළිය ප්‍ර දේශයේ සංචාරය කර ඇල්ල ප්‍ර දේශයේ සංචාරයක් සදහා යෑමට පැමිණි පිරිසක් බවයි මහින්ද දොඩම්පගමගේ මහතා කියා වැඩි දුරටත් සිටියේ.




