මෙටා සමාගම ඩොලර් බිලියන 18ක වන්දි ගෙවිමට එකඟ වෙයි
Facebook සහ Instagram හිමිකාරිත්වය දරන මෙටා සමාගමට තමන්ට එරෙහිව පැවැරූ නඩුවකට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක වන්දියක් ගෙවීමට එකඟ ව තිබේ.මෙම සමාජ මාධ්‍ය වේදිකා මගින් මගින් දරුවන්ට හානි සිදු වූ බවට එල්ල වූ චෝදනා විසඳීම සඳහා මෙම මුදල් ඇමෙරිකානු ප්‍රාන්ත හා දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය.
කැලිෆෝනියානු විනිසුරුවරයෙකු විසින් මෙම එකඟතාව අනුමත කරන ලද අතර, ඒ අනුව Meta සමාගම විසින් ප්‍රාන්ත 48කට
මෙන්ම කොලොම්බියා දිස්ත්‍රික්කයට සහ ඇමරිකානු භූමි ප්‍රදේශ තුනකට මෙම මුදල ගෙවිය යුතුව ඇත.
මෙය දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ නඩු කටයුත්තක් වෙනුවෙන් එම සමාගම මෙතෙක් සිදු කරන විශාලතම ගෙවීමයි. අන්තර්ජාලය තුළ දරුවන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම අරමුණු කරගත් වෙනස්කම් රැසක් ක්‍රියාත්මක කිරීමට ද Meta සමාගම එකඟ වී ඇති අතර, ඊට අදාළ ප්‍රාන්ත විසින් ඉල්ලා සිටි පරිදි දිනපතා භාවිතය සඳහා පෙරනිමි කාල සීමා පැනවීම සහ රාත්‍රී කාලයේ භාවිතය අවහිර කිරීම වැනි පියවර ඊට ඇතුළත් වේ.
"අපගේ දරුවන්ට හානි සිදු කරමින් පැවති ක්ෂේත්රයක් නිවැරදි මාවතට යොමු කිරීමේ වැදගත් අවස්ථාවක් මෙයයි," යනුවෙන්
කැලිෆෝනියානු නීතිපති රොබ් බොන්ටා පැවසීය.
මෙම එකඟතාවේ කොටසක් ලෙස කිසිදු වරදක් සිදු කර ඇති බව Meta සමාගම ප්‍රතික්ෂේප කර ඇති අතර, එකඟ වූ මුදල "වසර 10ක කාලයක් පුරා වාර්ෂික වාරික වශයෙන් බෙදා හරිනු ලබන" බව බදාදා දින ප්‍රකාශ කළේය.
විනිසුරු Yvonne Gonzalez Rogers විසින් මෙම එකඟතාව අනුමත කරමින් සඳහන් කළේ, එය "මූල්‍යමය වන්දි ලබා දීම
පමණක් නොව, ඊටත් වඩා වැදගත් ලෙස, අදාළ සමාජ මාධ්‍ය වේදිකාවලින් සිදුවන අහිතකර බලපෑම්වලට අර්ථවත් ලෙස විසඳුම්
සෙවීමේ අරමුණින් සමාගමේ ක්‍රියාකලාපය වෙනස් කිරීමට දායක වන සාධාරණ, තාර්කික, පුළුල් සහ අවංක ප්‍රවේශයක්"
නියෝජනය කරන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

