ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් හා සීමිත දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.
කාර්යාල වේලාවන්හිදි පමණක් දිනපතා උදේ සවස මේ ආකාරයට බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ජනතාව පළාත් අතර ගමන් කිරීමේදී දැඩි ලෙස පරීක්ෂාකාරී විය යුතු බවත් අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට මගී බස් රථ හා දුම්රිය යොදා ගැනීමෙන් වළකින ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.