ප්‍රදීප් අමිර්තනායගම් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර ඇත.
අමිර්තනායගම් මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ අධිශිෂ්‍යත්වලාභියෙකි.
ජනමාධ්‍ය, ප්‍රචාරණ හා පරිපාලන ක්ෂේත්රයේ වසර 30කට අධික අත්දැකීම් ඇති ඒ මහතා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ජාතික ගුවන් විදුලිය යන ආයතනයන් හි ප්රවෘත්ති නිවේදකයෙකු හා විස්තර විචාරකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
අනුර බණ්ඩාරනායක පදනමේ අධ්යක්ෂවරයෙක් ලෙස ද ක්‍රියා කරන අමිර්තනායගම් මහතා බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වන සභාපතිවරයා ද වෙයි.