අගමැතිගේ සමාලෝචන වාර්තාව නැතිව පළාත් සභා ඡන්දය බෑ - ශ්‍රේෂ්ඨාධිකරණය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ සීමා නිර්ණ සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව සීමා නිර්ණ කමිටුව විසින් භාරදී ඇති වාර්තාවේ සීමා නිර්ණ මායිම් ප්‍රකාශයට පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලයක් නොමැති බැවින් පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත් අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන අනුව අදාළ සංශෝධනයට පෙර පැවැති නීතිය යටතේද පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා තිබේ.
පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කළේය.
එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒක මතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඉහත කරුණු දන්වා තිබේ.


popular news
-
Priyantha Tuesday, 03 September 2019 03:09 PM
තටු කපපු පඹයෙක් වෙලා නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

