වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට පියවර නොගන්නේ නම් අනිද්දා (05) වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු නැවතත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට වතු සේවකයින් මුහුණපා ඇති අර්බූදකාරි තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (03) වනදින කැඳවා තිබූ සාකච්ඡාවකදී එම සම්මේලනයේ මහ ලේකම් එස් රාමනාදන් මහතා විසිනි.
රුපියල් දහසක් ඉල්ලූ වතු සේවකයින්ගේ වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවේදී පොරොන්දුවූ ඇතැම් කරුණු ඉවත්කර අත්සන් තබා ඇති ගිවිසුමෙන් වතු සේවකයින්ට දුන් පොරොන්දු අමතක කිරීම මෙම විරෝධයට හේතුවන බව වතු ඒකාබද්ධ වතු වෘත්තීය සමිති සම්මේලනය කියයි .එහි පැවති එකගවිය නොහැකි කරුණු හේතුවෙන් තම වෘත්තීය සමිතිය එම ගිවිසුමට අත්සන් නොකළ බව සඳහන් කරයි.
රුපියල් 140/- ක් වන සේවක අර්ථ සාධක මුදලද සමග රුපියල් 750/- ක වැටුපක් ලබා දෙන බවට ගිවිසුම් අත්සන් කළද සැබවින්ම වතු සේවකයාට ලැබෙන දෛනික වැටුප වැඩිවී ඇත්තේ රුපියල් 25 කින් පමණක් බවත් රාමනාදන් මහතා පවසයි .
වතු සේවකයින්ගේ ඉල්ලීම සාධාරණ බව පුවත්පතකට පැවසූ ඇමති නවින් දිසානායක මහතා ගිවිසුමට අත්සන් තැබීමේදී වතු සේවකයින්ට දුන් පොරොන්දු අමතක කිරීම සාධාරණ වන්නේ කෙසේදැයිද වතු සේවකයෙකු ප්‍රශ්න කරන බව රාමනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.