'වර්ල්ඩ් වයිඩ් වෙබ්' (World Wide Web) හෙවත් ලෝක ව්‍යාප්ත ජාලය අද (12දා) වසර 25ක් සම්පූර්ණ කරයි.
‘වර්ල්ඩ් වයිඩ් වෙබ්’ (සාමාන්‍යයෙන් 'වෙබ්' (Web) ලෙස කෙටිකර දැක්වෙයි) යනු අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි එකිනෙකට අභ්‍යන්තරව බැඳුණු ‘හයිපර් ටෙක්ස්ට්’ (hypertext) ක්‍රමලේඛ පද්ධතියකි.
වෙබ් බ්‍රවුසරයක් යොදාගෙන පරිශීලකයන් ලිපි, පින්තූර, වීඩියෝ හා අනෙකුත් බහුමාධ්‍ය අඩංගු වෙබ් පිටු නිරීක්ෂණය කරන අතර, 'හයිපර්ලින්ක්' (hyperlink) යොදාගෙන ඒවා අතර සැරිසරයි.
1989 මාර්තු මස 12 වැනිදා ‘වර්ල්ඩ් වයිඩ් වෙබ්’ නිර්මාණය කරන ලද්දේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි CERN හි සේවය කරන සර් ටිම් බර්නස් ලී විසිනි.
එතැන් සිට ලෝක ව්‍යාප්ත ජාලයේ ප්‍රමිතිය දියුණු කිරීමේ මගපෙන්වන්නෙකු ලෙස ඔහු කටයුතු කළේය.