වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු ඉහළ දැමීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමත් ඊට අදාළ අතුරු තහනම් නියෝගය ලබාදීමත් ලබන 11 වැනි දින සලකා බලන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුවත් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
තමා සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙන බවද වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
මෙයට අදාළ නඩුවට සහභාගී වීම සඳහා විමල් වීරවංශ මහතා සමග පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වීරකුමාර දිසානායක, පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබුණි.