එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා උත්සාහයක නිරත වි සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කලක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ එස්.බී. දිසානායක මහතා පසුව එක්ත් ජාතික පක්ෂයට එක්වී ජාතික සංවිධායක වශයෙන් කටයුතු කළේය.
පසුව නිදහස් පක්ෂයට එක්වූ එස්.බී. දිසානායක මහතා මේ වන විට එහි භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලය වෙනස් කළ යුතු බවට ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 16 දෙනා දිගින් දිගටම ප්රකාශ කරමින් සිටින අතර ඒ සමගම සන්ධනයේ මහ ලේකම් ධුරයට පත්වීමටද එස්.බී. දිසානායක මහතා දැඩි උත්සාහයක නිතර වී සිටින බව වාර්තා වෙයි.
අජන්ත කුමා අඟලකඩ - ඉරිදා ලංකාදිප